9 වන පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය අද (Live)
Wednesday, 07 February 2024 - 10:05 | Views - 330
UP DATE..

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීම ආරම්භ කර තිබෙනවා.

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බව 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවයි.

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බවත් ජනාධිපතිවරයා පවසනවා.

වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2022 දී 7.8%කින් හැකිලුණු මෙරට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු 6ක් සෘණ වර්ධනයක් වාර්තා කළ නමුත් 2023 තුන්වන කාර්තුවේදී එය 1.6%ක වර්ධනයක් අත්පත් කර ගත් බව ද ජනාධිපතිවරයා පවසනවා.

කඩා වැටුණු ආර්ථිකය ‍ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව ජනපතිවරයා පැවසීය.

2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

දූපත් රාජ්‍යයක් ලෙස මෙරට ආරක්ෂාව තහවුරු වන අයුරින් සියලු ආරක්ෂණ ජාල නවීකරණය කරන බවත් බුද්ධි අංශ, ආරක්ෂක උපකරණ, පුහුණු වීමේ ක්‍රම, භට පිරිස්, තාක්ෂණික උපාංග, ක්‍රමෝපායික කටයුතු ආදී සියලු අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දිය හැකි ආකාරයට සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දියාව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරන අතර සිංගප්පූරුව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන බවද චිනය, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට ඇතුළු වන බවද යුරෝපීය සංගමයේ වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වන බවද 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරමින් යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා ආර්ථික ශක්තිය පුළුල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර මේ වන විටත් ඉන්දියාව සමඟ ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.

වරාය නගරය කොළඹ සුවිශේෂී මූල්‍ය කලාපයක් ලෙස නම් කරන බවද එම කලාපය තුළ එතෙර මුල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නීති රීති හා අණ පනත් සම්මත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.


නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටිනවා. 



------------------------------------------------------------------------------------------------------------------------
නවවන පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වනවා.


ඊට අදාළ පෙරහුරුවක්ද ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අනතුරුව කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාද පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ.

නව සභා වාරයේ ආරම්භය චාම් අයුරින් සංවිධාන කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න සඳහන් කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරී පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැඳවාගෙන යනු ඇති.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසළදී පාසල් දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද එක්කිරීමට නියමිතයි.

අනතුරුව පැළඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා උදෑසන 10.25 පමණ වනතෙක් එහි රැඳී සිටිනවා. ඉන් අනතුරුවයි ඔවුන් සභා ගර්භයට පිවිසෙන්නේ.

ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරණ අතර, එම අවස්ථාවේදී කථානායකවරයා පාර්ලිමේන්තු කාරක සභා ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවනවා.

අනතුරුව පෙරවරු 10.30 ටයි ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

නව පාර්ලිමේන්තු සැසිවාරයේ ආරම්භක කටයුතු පෙරවරු 9යි 30 සිට හිරු ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකියාව පවතිනවා.

මේ අතර ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද සභා වාරයට පැමිණීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් බන්ධනාගාරය දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත් තමන්ට පවතින රෝගී තත්වය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු නොයන බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවයි බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක කියා සිටියේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top