පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට , සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර
Wednesday, 07 February 2024 - 9:52 | Views - 335
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388,000ක ප්‍රමාණයක් සිටින බවත්, එයින් 39,000ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන්.
එසේම, 2022 වසරේ නොවැම්බර් මස 14 වනදා, අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි මෙසේ මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කීරීමට නියමිත වී තිබෙනවා.
Share This Article