උසස් පෙළ සහිත පාසල් - ජුනි වෙද්දී වෙනස් වෙනවා..
Tuesday, 06 February 2024 - 12:52 | Views - 334
ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් 3000ක් ඩිජිටල්කරණයට ලක්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රටේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබා දීම මෙහි අරමුණ බවයි.
අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන (Smart Interactive Board) බවත් මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.
Share This Article