'' අනේ දෙවියනේ.., සෙල්ලම් කරන්න ගිය මගේ දරුවා '' අස්විගේ මව හඬා වැටෙයි (Video)
Tuesday, 06 February 2024 - 12:35 | Views - 504
ගම්පොළ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට අනුබද්ධ පෙර පාසලක දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සඳහන් කළේ, මේ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිලධාරීන් දැනුවත් කළ බවයි.

අදාළ පාසලට යාබඳව පිහිටි ඉඩමේ තිබූ ගසක අත්තක් ඊයේ පෙරවරුවේ මෙලෙස කඩා වැටී තිබූ අතර, පෙර පාසලේ දරුවන් 4 දෙනෙකු, ඊට යට වීමෙන් තුවාල ලබා තිබුණා.

ඔවුන් කඩිනමින් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ගම්පොළ - ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි මොහොමඩ් සෙයම් අස්වී නමැති 5 හැවිරිදි දරුවා මිය යනු ලැබුවා.

කෙසේ වෙතත්, බරපතල තත්ත්වයේ පසුවූ තවත් දරුවෙකු ගම්පොළ රෝහලෙන් මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුණු අතර ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය මොහොමඩ් සෙයම් අස්වී දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වනවා.

අස්වි ඉගෙනුම් කටයුතු සඳහා මීට සති තුනකට පමණ පෙර , මෙම පෙර පාසලට ඇතුලත් වී තිබුණා. අනතුර සම්බන්ධයෙන් අදාළ පෙර පාසල අයත් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකු සහ ප්‍රදේශවාසීන් මෙලෙස අදහස් දක්වා සිටියා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ, අත්ත කඩා වැටුණු ගස පිහිටි ඉඩමට ඉදිරියෙන් තවත් පෙර පාසලක් පිහිටා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මියගිය සිසුවා ඉගෙනුම ලබන පෙර පාසල අයත් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන්ද අප විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ අදාළ ගස කඩා වැටීමේ අවධානමක නොතිබූ බැවින් ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු නොකළ බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top