කන්‍යාවියක් නම් වැඩි මුදලක්, මෙන්න අමුතුම වෙළෙඳපොළක් ? (Photos)
Tuesday, 06 February 2024 - 11:14 | Views - 433

ඔබ දන්නවා ද ? 21 වෙනි සියවසේ ජීවත් වුණත්, ඔබ නොසිතන විදිහේ දේවල් මේ ලෝකයේ සිදුවෙන බව.මේ කියන්න යන්නේ, බල්ගේරියාවේ ආන්දෝලනාත්මක මනාලියන්ගේ වෙළෙඳපොළ ගැන.එහෙමත් නැත්නම් කන්‍යාවියන්ගේ වෙළෙඳපොළ ගැන.මේ වෙළෙඳපොළ තිබෙන්නේ බල්ගේරියාවේ Stara Zagora නගරයේ වසන්ත කාලය පැමිණි පසුයි.Kalaidzhis නම් ප්‍රජාවක් විසිනුයි, මෙම වෙළෙඳපොළ පවත්වනු ලබන්නේ.බල්ගේරියාව පුරා පවත්වනු ලබන විශාලතම වාර්ෂික උත්සව මේ වෙළෙඳපොළ බවට සඳහන්.මෙම වෙළෙඳපොළට , වැසියන් 18000කට අධික ප්‍රමාණයක් සහභාගී වන බවට වාර්තා වෙනවා.Kalaidzhi කාන්තාවන් විවාහ වීමට නම් කන්‍යාවන් විය යුතු බව අනිවාර්‍යයයි ."කන්‍යාභාවයට විශාල මුදලක් දෙනවා."මෙහි කාන්තාවක් ගැහැණු ළමයින් විකුණන විට කන්‍යාවන් නොවන්නේ නම්, මිනිසුන් ඔවුන්ව ගණිකාවන්, අමනයන් සහ නින්දිතයන් ලෙස සලකනු ඇති බවටයි සඳහන් වෙන්නේ. එසේම, ගැහැණු ළමුන් හට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට තහනමක් නොමැති අතර සමහර අවස්ථාවන් හී තමන් කැමති පිරිමි සහකරුවන් මෙම වෙළෙඳපොළට ගෙන්වා ගනු ලබන බව සඳහන්.මේ අතර , මෙම වෙළෙඳපොළට පැමිණීම සඳහා කන්‍යාවියන්හට ඉහළ මිල ගණන් වලින් යුතු ඇඳුම් පැලඳුම්වලින් සැරසීමට අවස්ථාව ලබා දෙනු ලබනවා.මනාලියන්ගේ වෙළෙඳපොළ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙළෙඳපොළ, කන්‍යාවියන් බලහත්කාරයෙන් විකුණනු ලබන වෙළෙඳපොළක් නොවන බවටත් වේගවත්ව ආදරයෙන් බැඳෙන වෙළෙඳපොළක් බවයි.“ කොල්ලන්ට මෙතනදී ඉල්ලන්න පුළුවන් කෙල්ලන්ගේ අත විතරයි. මෙහි මිනිසුන් එකිනෙකා දැන ගැනීමට හා කැමති වීමට පටන් ගන්න වැඩි වේලාවක් යන්නේ නැහැ. අපේ ගෙදරට සූට් කාරයෙක් එන්න ඕනේ නම්, මම එයාව විකුණනවා ඒකයි ඇත්ත."



Share This Article