ඇමති සනත්ට මරු කැඳවු අනතුරේ , වෙනස්ම කතාවක් අධිකරණයේදී එළියට.. ''හලාවත ඉඳලා කොළඹ එන්න, පැය එක හමාරයි දීලා තිබුණේ.. ''
Tuesday, 06 February 2024 - 10:30 | Views - 534

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ට සහ ඔහුගේ ආරක්ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්තගේ රියදුරා ඇප මත මුදාහැරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන ඊයේ (05) නියම කරනු ලැබුවා.
හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබු බව කියමින් සනත් නිශාන්තගේ රියදුරා වෙනුවෙන් නීතීඥ තමරා අබේරත්න කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරන තුරු අත්හිටුවීමටද නියම කළා.
මෙලෙස ඇප මත මුදාහැරීට නියම කරන ලද්දේ, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩිට මරු කැඳවු කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ අනතුර වන අවස්ථාවේදී සනත් නිශන්ත ගමන් කළ වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්තගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නැමැත්තාටය.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු මෙම සැකකරු හා අදාළ වී-8 වර්ගයේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා කඳාන පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මුල් අවස්ථාවේදීම නිරෝෂන් දසනායක නමැත්තා ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා සනත් නිශාන්තගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවා.
පසුව සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සනත් නිශාන්තගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර,
සනත් නිශාන්තගේ රියදුරා වශයෙන් කටයුතු කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධියේදී මියගිය සනත් නිශාන්ත ගේ රියදුරා වශයෙන් වසර 12ක පමණ කාලයක් සේවය කරන ඔහුට අතිශය හිතැත්තෙකු බවත් සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාද දැඩි කම්පාවට පත්ව සිටින්නේ යැයිද සඳහන් කළා.
කෙසේ වෙතත්, සනත් නිශාන්ත ගේ රියදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයෙකු කටයුතු කළ බවත්, සිද්ධිය වු දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට සහභාගී වු ඔහු රාත්‍රීයේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනිත් රියදුරුට රථය බාරදීමේ අරමුණීන් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත්, ඔහු එහි පැමිණ නොසිටීම හේතූවෙන් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවුයේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න, හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණේ යැයිද කියා සිටියා.
එසේම, සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් කට වාචාල කමට යම් යම් දුෂමාණ ප්‍රචාර පැතිරවුවත් සනත් නිශාන්තගේ පවුලේ උදවියත් තම සේවාදායකයාට සිදුවී ඇති තත්වය පිළිබඳ කම්පාවට පත්ව ඇතැයිද, පාසැල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත ලඟ සේවය කරන ඔහුට බෙහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද කී නීතීඥ තමරා අබේරත්න සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහෙස්ත්‍රත්වරයා සිද්ධියට අදාළ පැමිණීල්ල යළි කැඳවන ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළා.
Share This Article