බිරිඳට බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා , අඹු සැමි යුවළ හිතාගන්න බැරි තීරණයක් අරන් යන්නම හදලා..
Tuesday, 06 February 2024 - 9:53 | Views - 443
බිරිඳගේ අසනීප තත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත් ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියා ද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ, සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළකි.

54 හැවිරිදි බිරිඳ දීර්ඝ කාලයක සිට කශේරුකාවේ තිබූ ආබාධිත තත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති අතර ඇයගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව තිබෙනවා.

සිය බිරිඳගේ අසනීප තත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන යාම හා ප්‍රතිකාර ලබාදීම ඇතුළු කටයුතු කිරීමට හා ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ආර්ථික තත්වයක් නොමැති වීමත් නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින බිරිඳට වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

වස පානය කිරීමෙන් අසාධ්‍යව නිවසේ සිටි අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබුණා.

ප්‍රදේශවාසීන්ද පැවසුවේ, මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්වයකින් පසු වූ බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ආර්ථික තත්වයක් දෙදෙනාට නොමැති වීමත් නිසා අඹුසැමි යුවළ කලක සිට දැඩි කළකිරීමකින් පසුවූ බවයි.

සිද්ධිය පිළිබඳ සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top