හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ,
Friday, 02 February 2024 - 22:06 | Views - 538
මෙන්න විශේෂ පුවතක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විසින් ඊයේ විදෙස් ගමන් තහනමක්ද එහිදී පනවනු ලැබුවා.

ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පසුගිය 30 වැනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට කැඳවීමක් කර තිබුණත් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණේ කොළඹ මහාධිකරණයේ නඩු කටයුත්තක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බව පවසමින්.

කෙසේ වෙතත්, ඊට අදාළව ඊයේ අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගි වී නොමැති බව විමර්ශනවලදී හෙළි වූ බවයි.

අද පෙරවරු 9 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම දෙපාර්තමේන්තුවට ඇතුලු වී තිබුණේ පිටුපස දොරටුවෙන්.

ඒ අනුව, මේ වනවිට පැය 9 කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 6 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළා.

නඩුවේ පස්වෙනි සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා ඇප මත මුදා හැරීමටයි එහිදී අධිකරණය නියෝග කළේ.

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඔහුට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටියා.

ඒ අනුව, අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවීමටයි පියවර ගෙන තිබුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top