පාන් ගෙඩියටත් , ගැසට්ටුවක්
Friday, 02 February 2024 - 12:38 | Views - 508
පාන් ගෙඩියක සහ පාන් බාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450ක් විය යුතු අතර , එහි වෙනස්වීම ග්රෑම් 13.5ක් විය හැකි බව සඳහන්.පාන් බාගයක නියමිත බර ග්රෑම් 225ක් විය යුතු අතර, එහි වෙසන්වීම ග්රෑම් 09කට නොවැඩි විය යුතුයි.විකිණීමට තබා ඇති පාන් ප්රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද , පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

Share This Article