ලිට්රෝ ගෑස් මිල ගැන හදිසියේ දැනුම්දීමක්
Friday, 02 February 2024 - 10:37 | Views - 536
ලිට්රෝ ගෑස් මිල පෙබරවාරියේ වෙනස් නොවන බව ලිට්රෝ ගෑස් සමගම පවසනවා.
ඒ අනුව,පසුගිය මාසයේ වැඩිකිරීමට අදාළව මෙම මාසය පුරාවටත් ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලැබෙනු ඇති.
ඒ අනුව, කිලෝ ග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 4250.00 වෙනවා.
එමෙන්ම, කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක මිල රු.1707.00 ලෙස සටහන් වී තිබෙනවා.
තවද කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 795.00 ලෙස දැක්වෙනු ඇති.
Share This Article