අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ මහමොළකාරිය අත්අඩංගුවට (Video)
Friday, 02 February 2024 - 7:00 | Views - 562
මේ කියන්න යන්නේ ඒ සිද්ධිය ගැන ,
සියල්ලන්ම භීතියට පත්කරමින් සිදුවුණ මේ මරණවලට වගකියන්න ඕන කවුද..? කවුරුත් කුතුහළයෙන් බැලුවේ ඒ ගැන..
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ මහමොළකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශ්රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ හා පියා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
පොලිසිය සඳහන් කළේ, පංච පුද්ගල ඝාතනයේ ප්රධාන වෙඩික්කරු වන නාවික හමුදාවේ සේවය කර විශ්රායම වැටුප් ලබන වෙඩික්කරුගේ අවුරුදු 39 වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා හෙරොයින් ග්රෑම් 21යි මිලිග්රෑම් 350ක් සමඟ පල්ලෙවෙල දී අත්අඩංගුවට ගත් බවයි...
එසේම, ඔවුන් අත්අඩංගුවට ගෙන සිදුකරන ප්රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ, ප්රධාන වෙඩික්කරු සහ තවත් වෙඩිකරුවන් දෙදෙනෙකු ඩුබායි රාජ්ය වෙත පළාගොස් ඇති බවයි..
Share This Article