මවගේ අනියම් සැමියාගෙන් , දියණිය තුන්මස් ගැබිණියක් වෙලා..
Thursday, 01 February 2024 - 10:49 | Views - 501
යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) සනාථ වී තිබෙනවා.

එම දැරියගේ මව බැංකු සේවිකාවක් වන අතර , ඇය විවාහ වීමට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමෙන් පසුව මොහු කැනඩාවට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කැනඩාවේ සිට යාපනයට පැමිණෙන අවස්ථාවලදී මෙම කන්තාව ඇසුරු කිරීම නිසා ඇගේ විවාහක පුරුෂයා ඒ බව දැන එම කාන්තාව අතහැර ගොස් ඇති බවද සඳහන්.

ඉන් පසුව කැනඩාවේ සිට යාපනයට පැමිණි සැකකරු දැරියගේ මව සමඟ අනියම් ඇසුරක් පවත්වමින් එම නිවසේම ජීවත් වී ඇති අතර දියණිය ද එම නිවසේම වාසය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මවගේ අනියම් පුරුෂයා මව රැකියාවට ගිය පසුව දැරිය සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමට පුරුදු වී සිට ඇති අතර, පසුගිය සතියේ පවුලේ අය කෝවිලේ දානයකට ගොස් දිවා ආහාරය ගෙන ස්වල්ප වේලාවකදී දැරිය වමනය කරන්නට පටන් ගැනීම නිසා ඇගේ මව විසින් දැරියව රෝහල් ගත කර තිබෙනවා.

එම අවස්ථාවේදී , දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය තුන්මස් ගැබිණියක් බව ප්‍රකාශ කොට ඇති අතර , දැරියත් අනියම් සැමියාත් ලිංගිකව හැසුරුණු බව ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ට හා දැරියගේ මවට ප්‍රකාශ කර තිබුණද , දැරියගේ මව විසින් මෙතක් පොලිසියට පැමිණිලික් කර නොමැති බවද සඳහන්.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්, පේදුරුතුඩුව රෝහල් පොලිසියට වෛද්‍යවරුන් විසින් ලබාදුන් ප්‍රකාශයක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top