අලුතින් අස්වැසුම දෙන්න , අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වනදා සිට
Thursday, 01 February 2024 - 10:29 | Views - 1,018
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරා ගැනීමට අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීමට ද බලපොරොත්තු වන බවයි.
පවුල් තෝරා ගැනීමේ දී මෙතෙක් තිබු නිර්ණායක වලට අදාළව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම්, මේ හරහා එම නිර්ණායක ලිහිල් වෙන හෙයින්, ඔවුන්ට ද අයදුම් කිරීමට හැකියාව හිමිවනවා.
Share This Article