ඔබේ සැමියාත් වැඩිපුර OT කරනවා නම්, බලාගෙනයි..
Thursday, 01 February 2024 - 10:00 | Views - 654

හොද ආදර සම්බන්ධතාවයකට අත්‍යවශ්‍ය කරුණක් වන්නේ දෙදෙනා අතර හොද විශ්වාසයක් නඩත්තු කිරීම.
අනවශ්‍ය සැකය කියන්නේ පවුල් ජිවිත විනාශ කරන දෙයක්.
හැබැයි ඉතින් ඔබේ සහකරු / සහකාරිය ගැන යම් සෙවිල්ලකින් සිටිය යුතුයි. එසේ ඔබ සැලකිල්ලක් දැක්විය යුතු අවස්ථා 7ක් ගැන අපි ඔබව දැනුවත් කරනවා.
මෙන්න මේ ලක්ෂණ 7 ඔබේ සහකරුගෙන් විද්‍යාමාන වේ නම් ඔහුට අනියම් කාන්තා ඇසුරක් තියෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
එක් වරම රැකියාවේ OT කරන්නට පටන් ගැනීම
කවදාවත් ඕවර් ටයිම් වැඩ කරලා වැඩි පුර මුදලක් හොයන්න එතරම් ලොකු උනන්දුවක් නොදැක්වූ ඔබේ සහකරු මෑතක සිට එක පාරටම ? බෝවෙන කම් වැඩ කරන්න පටන් අරන් තිබේ නම් වහාම ඔහුගේ සේවා ස්ථානයේ බොස්ට දුරකථන ඇමතුමක් ගෙන පරික්ෂා කිරීම නුවණට හුරුයි. මෙහිදී බොස්ට කෝල් කරන කොට ඔබ ඔහු ගැන සැක සහිත විපරමකින් සිටින බව නොහැගවෙන ලෙස කටයුතු කරන්න. යම් හදිස්සි පණිවිඩයක් දීමට අවශ්‍ය බව පවසා ඔහුව සම්බන්ධ කර ගන්න උත්සාහ කරන්න.
ඔබ සමග කුළුපග වීමට උත්සාහ නොකිරීම
හොද විවාහයක් සදහා අවශ්‍ය වන්නේ ලිංගික ක්‍රියාකාරකම් පමණක් නොවෙයි. සෙනෙහෙවන්ත කම් , කුළුපගකම් දැක්වීම් , අවස්තානුකුල ආදරණිය සිප ගැනීම් වගේ දේවල් පවුල් ජීවිතයක අනිවාර්ය අංගයන්. ඔබගේ සහකරු ඔබ සමග මෙවැනි ආදරණිය ක්‍රියාවන් සිදු කිරීමට ලගක ඉදන් කිසිදු මුල පිරීමක් සිදු නොකරයි නම් ඒ ඔහුට එම ආදරණිය බව වෙනත් කාන්තාවකගෙන් ලැබෙන නිසා විය හැකියි.
කෙටි පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම
ඔබ විසින් ඔහුට යවන කෙටි පණිවිඩ මෙන්ම දුරකථන ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීමට ඔහු බොහෝ ලෙස ප්‍රමාද වීම යනුද සැකයට භාජනය වන කරුණක්. ඒ වගේම ඔහුගේ දුරකථන වල රහස් මුරපද වෙනස් කර ඔබට දුරකතනයට ප්‍රවේශ වීම වලකා ඇත්නම් එයද අවධානය යොමු කල යුතු කරුණක්.
ගෙදර ආපු ගමන් නෑම
වෙනදාට කොහේ හරි ගිහින් ආවම වොෂ් එකක් දාන්නේ නැතුව පැය ගණන් ඉන්න ඔබේ සහකරු දැන් ගෙදර ආපු ගමන් නාන කාමරේට දුවනවා නම් මෙයද ඔබ අවධානය යොමු කල යුතු කරුණක්. එහෙම කරන්නේ ඔහු ඇසුරු කරන කාන්තාවගේ සුවද විලවුන් වල සුවද ඉක්මණින් විනාශ කිරීමට සදහා වෙන්න පුළුවන්.
බාහිර පෙනුම ගැන ලොකු සැලකිල්ලක් දැක්වීම
ඔහු එක් වරම අදින පළදින විදියේ විශාල වෙනසක් සිදු කරන්න පටන් අරගෙන නම් ඔබේ අවධානය ඉක්මනින් ඔහුගේ ක්‍රියා කලාපය ගැන යොමු කිරීම සුදසුයි. නව විලාසිතා ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ ඔබේ සහකරු දැන් විලාසිතා කරන්න , හැඩ වැඩ වෙන්න , කොල්ලා වගේ වෙන්න ලොකු ඕනෑකමක් දක්වනවා මේ පුදුම සහගත වෙනස වෙනත් කාන්තාවක් සතුටු කිරීමට වෙන්න පුළුවන්.
ඔබට තෑගි බෝග දීමට පටන් ගැනීම
සාමාන්‍යයෙන් ඔබට නිතර නිතර තෑගී බෝග දීම පුරුද්දක් නොකර ගත් ඔබේ සහකරු ලගකදී පටන් ඔබට නිතර නිතර තෑගී අරන් දෙන්න පටන් අරන් නම් ඒ ගැන එකවරම සතුටු වීමට නොයන්න. මේ බොරු ආදරය ඔහුගේ අතින් ඔබට සිදු කරන ද්‍රෝහිකමේ වැරදි සහගත හැගීම් වසා දැමීමට දෙන කප්පම් විය හැකියි.
සයනයේ නව ක්‍රියාකාරකම් උත්සාහ කිරීම
සයනය මත ඔබ දෙදෙනා සිදු කරන ක්‍රියාකාරකම් වලට එක් වරම ඔහු විසින් අලූත්ම චලනයක් හදුන්වා දුන්නොත් එයද යම් සැකයකට භාජනය කල යුතු දෙයක්. බොහෝ විට ඔහු එම චලනය මිතුරෙකුගෙන් , පොතකින් හෝ අන්තර්ජාලය මගින් සොයා ගත් එකක් විය හැකියි. එත් ඔබේ නරක වෙලාවට එය ඔහු මේ වන විටත් දපනේ වැටි සිටින වෙනත් කපටි ගැහැණියක හා ඇසුරෙන් උගත් එකක් වීමටත් පුලූවන්.
මේ කරුණු 7 සහකරු ඉලක්ක කරමින් ලිපියේ කිව්වට මේ දේවල් සහකාරිය පැත්තෙනුත් එලෙසින්ම අදාලයි කියලත් මතක තබා ගන්න.
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article