Mark Zuckerberg සමාව අයදී
Thursday, 01 February 2024 - 8:32 | Views - 349
මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මඟින් කැඳවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී යි.
මෙම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව , ප්රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටියා.
පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වල දී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලුවලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.
Share This Article