ආදරවන්තයින්ගේ දිනයට තෑග්ගක් , අවුරුදු 50කින් පසු ලැබෙන අලුත්ම අත්දැකීම
Wednesday, 31 January 2024 - 12:54 | Views - 387
විලියම් ශේක්ෂ්පියර්ගේ "රෝමියෝ ජුලියට්.." ඔබ මින් පෙර හොඳින් අසා ඇති ආදර කතාවක්..

ඔබ දන්නා ඒ කතාව අපිට බොහොම සමීප අත්දැකීමක් කරන්න පිරිසක් ගොඩක් වෙහෙස මහන්සි වෙලා සූදානම් වෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. කොහොමද මේ විලියම් ශේක්ෂ්පියර් ආදර කතාව සිංහලෙන් පරිවර්තනය වෙලා වේදිකාවක් මත රූපණය වුණොත් ...?

ඒ අත්දැකීම ගැන ඔබට හිතාගන්නවත් පුළුවන්ද..? ඔව්, තවත් නොබෝ දිනකින් ඔබට මේ අත්දැකීම සමීප වෙනවා..ඒ දවස තමයි පෙබරවාරි 14, සවස 3.30 සහ සවස 7ට ලයිනල් වෙන්ට් රඟහලට ආවොත් ඔබටත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්.. 

මේ නාට්‍ය වසර 50කට විතර පස්සේ තමයි ලංකාවේ ප්‍රසිද්ධ වේදිකාවක් තුළ රඟ දැක්වෙන්නේ.. ඇත්තටම මෙය එක පැත්තකින් ගත්තොත් ඓතිහාසික අවස්ථාවක්..

තවත් විටක අභියෝගයක්.. මේ නාට්‍යයට යොදා ගත්ත ඇඳුම් ආයිත්තම්,රංග මෙවලම් වගේම භාෂා භාවිතයත් බොහෝ දුරට එහි මුල් අත්දකීමටම සමාන වෙන අන්දමින්ම ගෙන එන්නටයි නිර්මාණකරුවන් උත්සාහ ගන්නේ.. මේ නාට්‍ය පිටුපස විශාල පිරිසකගේ පරිශ්‍රමය එක් වෙලා තියෙනවා... 

ජයනාත් බණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන්,  වාසනා බණ්ඩාරගේ නිෂ්පාදනයක් ලෙස මේ විලියම් සේක්ෂ්පියර් නාට්‍ය වේදිකාගත වෙනවා.. කතාව පරිවර්තනයට දායකත්වය ලබා දීලා තියෙන්නේ වින්ද්‍යා හරන්කහ විසින්..

ඒත් එක්කම මේ නාට්‍ය සංගීතයෙන් හැඩවෙන්නේ ඉන්දිකා උපමාලිගේ දායකත්වයෙන්... මේ වගේම ක්ෂේත්‍රයේ තවත් ප්‍රවීණ ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් මේ නාට්‍ය වර්ණවත් වෙනවා..

ඉතින් ඔබ බොහෝ දෙනෙක් පුන පුනා බලා සිටි ඒ අවස්ථාව විඳගන්න පෙබරවාරි 14 වෙනිදා ලයිනල් වෙන්ට් රඟහලට සවස 3.30  වගේම සවස 7 එකතු වෙන්නේ කියලා ඔවුන් ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top