ලයිට් බිල් ගෙවන්න , ලේසිම ලේසි ක්‍රම හතක්
Tuesday, 30 January 2024 - 15:13 | Views - 837
තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් විදුලිබල මණ්ඩලය මේ වන විට හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම, මාර්ගගත බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය , තැපැල් කාර්යාල මගින් , ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස් කීට්ස් ආදී සුපිරි වෙළෙඳ සැල් මඟින් සහ mCash මඟින් බිල්පත් ගෙවිම් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
එසේම, විදුලි බිල්පත් පිළිබඳ ගැටලු ඇත්නම් ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන මෙන් ද විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article