අද සිට කොළඹට ලැබෙන විශේෂ සැලැස්ම
Tuesday, 30 January 2024 - 10:02 | Views - 378
76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද(30) සිට ලබන මස 4 වනදා දක්වා කොළඹ කොටුව සහ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව, අදාළ දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ පෙබරවාරි 03 වනදා පස්වරු 2 සිට 04 වනදා නිදහස් උත්සවය නිමාවන තුරු මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

බස්රථ සහ සැහැල්ලු‍ වාහන ගාලු‍පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුළු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල මන්සන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකියි. එමෙන්ම කොල්ලු‍පිටිය මන්සන්ධියෙන් දකුණට හරවා ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

පිටකොටුව සිට කොළඹින් පිටවන රථ වාහන ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල මන්සන්ධිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම ඔස්සේ ගමන් කළ හැකියි.

බස්රථ හැර වෙනත් බර වාහන වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතෙන් දකුණට හරවා පරණ හැව්ලොක් පාර, මායා වටරවුම ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top