මේ ආහාරය ගන්න නම් ඔයාට , වසර 43 ක් බලා ඉන්න වෙනවා ?
Sunday, 28 January 2024 - 11:17 | Views - 364
ඇණවුම් කළ ආහාර අයිතමය ලැබෙන තෙක් වසර 43 ක් බලා සිටිය හැකිද?

පිළිතුර නැත යන්නයි. විනාඩි 30 හේ සීමාව පසුවත්ම කාගේත් සිත නොසන්සුන් වීම සාමාන්‍ය කරුණක්.

නමුත් බටහිර ජපානයේ අසහියා නම් මස් වෙළඳසැලක මෙනු පතේ ඇති ගව මස් යොදා පිළියෙළ කරන ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් පෙට්ටියක් (එක් පුද්ගලයකුට ප්‍රමාණවත්) ඇණවුම් කළහොත් එම ඇණවුම් කරන්නාට තම ඇණවුම ලබා ගැනීමට වසර 43 ක කාලයක් බලා සිටීමට සිදුවේ.

මිලෙන් අධික නොවන කොබේ බිෆ් ක්‍රොකට්ස් ජපානයේ ප්‍රියතම ආහාරයකි.

1926 විවෘත කර ඇති මෙම මස් වෙළඳසැල සිය පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ගවමස් ලබාදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.

2000 වසරේදී පහසුවෙන් පිළියෙළ කර ගත හැකි ශීතකළ කොබේ බිෆ් ක්‍රොකට්ස් ආහාරය අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධිය ලැබී ඇත.

මීට වසර දෙකකට පෙර එම ආහාර අයිතමය ඇණවුම් කර එය ලැබෙන තෙක් බලා සිටිය යුතු කාලය වසර තිහක් වී ඇති අතර මේ වන විට එය වසර 43 ක් දක්වා වැඩි වී තිබේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top