රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද (Photos)
Sunday, 28 January 2024 - 8:43 | Views - 305
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද (28) රාජකදලු‍ව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ ඉදිකරනු ලැබූ තාවකාලික ශාලාවක තැන්පත්කර තිබෙනවා.

එමෙන්ම, දේහය එම පරිශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම මේ දක්වා දේශපාලනඥයින්, නෑ හිතවතුන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු මහනුවර - හෑදෙණිය - මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ඊයේ (27) සිදුකළා.

‍එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරුගේ දුරකථනය ද පරීක්ෂණ කටයුතු සදහා පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික නියෝගකර තිබෙනවා.

ඒ, රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top