සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකථනය පොලිස් භාරයට , සැක සහිත සටහනක් ගැනත් විමර්ශන..
Sunday, 28 January 2024 - 7:06 | Views - 608
අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එම රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇති අතර, රියදුරා එළඹෙන පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කෙසේ වෙතත්, එම රියදුරා අනතුර සිදුවීමට පෙර දින ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සටහනක් හේතුවෙන් ඔහුගේ දුරකථනය මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ වන විටත් රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙන අතර,
වැඩිදුරටත් අදහස් දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , අදාළ රියදුරා සමාජ මාධ්‍යවල පල කර තිබූ සටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
Share This Article