ඇස් දෙකේ කඳුළු පුරවාගෙන, සනත් නිශාන්ත ගැන කතා කරපු හිටපු ජනපති (Video)
Thursday, 25 January 2024 - 15:30 | Views - 975
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී, මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ , සනත් නිශාන්ත අභාවයට පත්වීම පක්ෂයටත් ජාතියටත් රටටත් පාඩුවක් බවයි.

රිය අනතුරකින් අද (25) අලුයම ජිවිතක්ෂයට පත්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතයි.

දේහය අද පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමටයි තීරණය කර තිබෙනවා.

අනතුරුව දේහය හෙට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත අතර, දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුව - රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top