ඇස් දෙකේ කඳුළු පුරවාගෙන, සනත් නිශාන්ත ගැන කතා කරපු හිටපු ජනපති (Video)
Thursday, 25 January 2024 - 15:30 | Views - 976
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී, මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ , සනත් නිශාන්ත අභාවයට පත්වීම පක්ෂයටත් ජාතියටත් රටටත් පාඩුවක් බවයි.
රිය අනතුරකින් අද (25) අලුයම ජිවිතක්ෂයට පත්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතයි.
දේහය අද පස්වරු 6 සිට හෙට දහවල් 12 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමටයි තීරණය කර තිබෙනවා.
අනතුරුව දේහය හෙට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත අතර, දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුව - රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
Share This Article