සනත් නිශාන්ත පෙනී සිටි අවසන් සෙල්ෆිය (Photos)
Thursday, 25 January 2024 - 11:56 | Views - 518
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ R11-01 කිලෝමීටර් කණුව අසලදී අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වුණා.රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (24) රාත්‍රියේ හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වෙන්නේ.එම මනාල යුවළ විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ අභාවයත් සමඟ ඒ පිළිබඳව සටහනක් සහ සනත් නිශාන්ත අවසන්වරට මනාල යුවල සමඟ පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක් සිය මුහුණුපොතට එක්කර තිබෙනවා.එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් සංසරණයවනවා.එම සටහන පහතින්,"හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා. මං වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොනත් දරා ගන්න අමාරුයි.නිවන් සුව ලැබේවා මාමේ''


Share This Article