පසුගිය වසරේ සිට මේ දක්වා වාර්තා වී ඇති ළමා ලාදුරු රෝගීන් 173 දෙනා අතරින් 69 දෙනෙකුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එමෙන්ම සමස්ත ලාදුරු රෝගීන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ(25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.
පළාත තුළ ලාදුරු රෝගීන් ඉහළයාමට හේතු සම්බන්ධයෙන්ද ඇය මෙහිදී පැහැදිළි කළා.
ලෝක ලාදුරු දිනය ලබන 29 වනදාට යෙදී ඇති අතර ඊට සමගාමීව වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධානය කර තිබෙනවා.