රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට (Video & Photos)
Thursday, 25 January 2024 - 6:30 | Views - 665
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම මෙම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි යන නිලධාරියාද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස ලක්වූ ජීප් රථය අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අමාත්‍යවරයා, පොලිස් නිලධාරියා සහ රියදුරු රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර සඳහන් කළේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.

එමෙන්ම ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම අනතුරෙහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින්, 














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top