රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට (Video & Photos)
Thursday, 25 January 2024 - 6:30 | Views - 666
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.එමෙන්ම මෙම අනතුරෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි යන නිලධාරියාද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ආර් 11.01 කිලෝමීටර් කණුව අසලදී මෙලෙස ලක්වූ ජීප් රථය අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අමාත්‍යවරයා, පොලිස් නිලධාරියා සහ රියදුරු රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර සඳහන් කළේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.එමෙන්ම ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.එම අනතුරෙහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින්,



Share This Article