මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත , වැඩි ඡන්දයෙන් සම්මතයි !
Wednesday, 24 January 2024 - 17:35 | Views - 261
UP DATE ..
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.
---------------------------------------------------------------------------------
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වී තිබෙනවා.
මේ සඳහා පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක් පමණි.
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2 වර කියවීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මෙම කෙටුම්පත විවාද කර සම්මත කරගැනීම සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයෙන් දැඩි විරෝධයක් ද එල්ල වුණා.
පසුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, පසුව එය විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබද ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කථානායකවරයා කටයුතු කළේ.
ඒ අනුව, පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමි වුණා.
Share This Article