පංච පුද්ගල ඝාතනය, සැලසුම් කළ සැකකරු කොටු (Video & Photos)
Wednesday, 24 January 2024 - 13:45 | Views - 724
බෙලිඅත්තේ පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර වයස අවුරුදු 54ක පුද්ගලයෙකු වන අතර සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවටයි අනාවරණයවී ඇත්තේ..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊට අමතරව ඝාතනය සිදු කිරීමෙන් පසු අදාළ රථය ගමන් ගත් මාර්ග කිහිපයක්ද මේ වනවිට පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කලා.

අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු 5 දෙනෙකු, තංගල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩවුකට පෙනී සිටීම සඳහා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුයේ පසුගිය සඳුදා පෙරවරුවේදීයි.

වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් පැමිණි බවට හඳුනාගත් පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල විද්‍යාෙලා්ක පිරිවෙන් රථ ගාලේ තිබී අද පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සඳහා සැකකරු පැමිණි ජීප් රථය වෙඩි තැබීමෙන් පසු ගමන් ගත් මාර්ග ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවා..

ඝාතකයින් රැගත් ජීප් රථය බෙලිඅත්ත හක්මන හරහා කඹුරුපිටිය මෙන්ම අකුරැස්ස හරහාද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ... එමෙන්ම ඔවුන් අකුරැස්ස බංගම ප්‍රදේශයේ මෙන්ම යක්කලමුල්ල ප්‍රදේශවලද සැරිසරා ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා...  














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top