(TIN) අංකය ලබාදීමේදී , ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීමට තීරණයක්
Wednesday, 24 January 2024 - 10:58 | Views - 537
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේදී ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.
එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
අද (24) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී , මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Share This Article