කිඹුලෙක් සමඟ පොර බැඳ දිවි බේරාගත් අනුරාධපුර රැඳවියා
Wednesday, 24 January 2024 - 7:57 | Views - 348
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් පෙරේදා (22) රාත්‍රියේ කිඹුල් ප්‍රහාරයකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මෙම රැඳවියාව කිඹුලා විසින් ඇදගෙන යන අවස්ථාවේ ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී තිබෙනවා.
සිද්ධියෙන් දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක් වී ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිළ ජාතික සිරකරුවෙක්.
මොහු ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මේ රැඳවියාගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇදගෙන ගොස් තිබෙනවා.
කිඹුල් ප්රහායෙන් මේ රැඳවියාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව තිබුණා.
Share This Article