පාසල්වල සියලු ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම ගැන විශේෂ දැනුම් දීමක්..
Tuesday, 23 January 2024 - 16:43 | Views - 432
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බව අමාත්‍යංශය දැනුම් දීමක් කරනවා.

එසේම , විදුහල්පතිවරු විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කළ යුතු බව යි සඳහන් වන්නේ.

තවද , පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම, පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරන බව ද වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත්, 2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද පාසල් වෙත අයඳුම්පත් යොමු කළ යුතුයි.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් පමණක් , විදුහල්පතිවරු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා, තෝරාගත් සිසුන්ගේ නම් සඳහන් ලේඛනය, අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළ යුතුයි.

තවද පෙර වර්ෂයන් මෙන් මෙවර, පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව ද වැඩිදුරටත් සඳහන්.

එසේම, තවමත් රජයේ පාසල් වල සිදුවන්නේ , 2023 වර්ෂයට අදාළ ඉගැන්වීම කටයුතු බැවින් වුවද , එම ශ්‍රේණි සඳහා පන්තිවලට අදාළ ව සිසුන් ඇතුළත් කර ගැනීමට අයඳුම්පත් භාර නොගන්නා බැවින්, එසේ නොකළ යුතු බවද සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top