ගම්පහදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කරලා
Tuesday, 23 January 2024 - 13:50 | Views - 515
මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් 4 දෙනෙකු විසින් මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා පලාගොස් ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.
වෙඩි ප්රහාරයට ලක් වූ හිමි නම රෝහල් ගත කිරීමෙන් අනතුරුව අපවත් වූ බව පොලිසිය සඳහන් කලා.
මෙම වෙඩි තැබීම කුමන හේතුවක් මත සිදුවූයේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මල්වතුහිරිපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article