නිවසේ තිබු ලක්ෂ 60ක රන් භාණ්ඩ, හිටි හැටියේ අතුරුදන් වෙලා
Tuesday, 23 January 2024 - 13:42 | Views - 332

දින කිහිපයකට පෙර පැවති සිය විවාහ මංගල්‍යය දිනයේ සැමියා විසින් ලබාදුන් ලක්ෂ 23කට අධික රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට අවුරුදු 22ක කාන්තාවක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇය කොළඹ 12 ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවක් වෙන අතර ලක්ෂ 23ක රත්තරන් භාණ්ඩවලට අමතරව ලක්ෂ 60කට වඩා වටිනා භාණ්ඩ තොගයක්ද සොරාගෙන ඇති බවයි ඇගේ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.
පසුගිය 15වැනිදා තම විවාහ මංගල්‍යය පැවති බවත් එහිදී සැමියා තිළිණ කළ ලක්ෂ 23ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ තමන් සතුව පැවති ලක්ෂ 36ක පමණ වටිනා රන් භාණ්ඩ සියල්ල 16වැනිදා නිවසේ අල්මාරියේ පෙට්ටිවල අසුරා තැබූ බවයි ඇය පොලිසිය හමුවේ පවසා සිටියේ.
ඇය පසුගිය 18වැනිදා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී රන් භාන්ඩ සහිත අල්මාරියේ යතුර බෑගයක දමා පිටව ගිය බවද සඳහන්.
එම අවස්ථාවේ නිවසේ මෙහෙකාරිය සහ පියා පමණක් සිට ඇති අතර , පැය කිහිපයකින් පසු ඇය නිවසට පැමිණ බෑගයේ තිබූ යතුර සෙවීමේදී එය තිබු ස්ථානයේ ම නොතිබූ බවද සඳහන් වුණා.
පසුව පියා විසින් අල්මාරියේ ලාච්චුවේ ලොක් එක කඩා බැලීමේදී රන් භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවයි ඇය පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කොටහේන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
Share This Article