සාමාන්‍ය පෙළ විභාගයට අද සිට අයඳුම් කරන්න ඕනේ මෙහෙමයි
Tuesday, 23 January 2024 - 10:09 | Views - 511
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද(23) සිට ලබන මස 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව, සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පතිවරයාගෙන්ද , පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව ද ,මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශනය ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා.
එමෙන්ම, මෙම වසරේ සිට පෞද්ගලික අයදුම්කරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති අතර, එසේ නොමැති වයස අවුරුදු 15 ට අඩු සිසුන්ට විභාගයට අයදුම් කිරීමට, විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article