රියදුරන්ට ලැබෙන සතියක සහනය (Video)
Tuesday, 23 January 2024 - 7:33 | Views - 575
කොළඹ නගරය තුළ CCTV මඟින් රථ වාහන වැරදි නීරීක්ෂණයට අදාළ දඩ පත්‍රිකා ලබන මස 1 වනදා සිට නිකුත් කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
ඒ අනුව, අද සිට සතියක කාලයක් රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.
මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදය ඊයේ (22) දියත් කෙරුණු අවස්ථාවට එක් වෙමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද එක්ව සිටියා.
මෙම වැඩසටහන යටතේ කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108කින් නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනු ඇති අතර, දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසු වුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීම සිදුවෙනු ඇති.
Share This Article