රියදුරන්ට ලැබෙන සතියක සහනය (Video)
Tuesday, 23 January 2024 - 7:33 | Views - 576
කොළඹ නගරය තුළ CCTV මඟින් රථ වාහන වැරදි නීරීක්ෂණයට අදාළ දඩ පත්‍රිකා ලබන මස 1 වනදා සිට නිකුත් කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව, අද සිට සතියක කාලයක් රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව CCTV නිරීක්ෂණ ක්‍රමවේදය ඊයේ (22) දියත් කෙරුණු අවස්ථාවට එක් වෙමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද එක්ව සිටියා.

මෙම වැඩසටහන යටතේ කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108කින් නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනු ඇති අතර, දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසු වුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීම සිදුවෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top