වැරදීමකින් අහිමි වූ ජීවිතය , අහිංසක මින්දික නොයෙන්නම ගිහින්.. (Video)
Sunday, 21 January 2024 - 13:28 | Views - 850
මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දුරකථන උපාංග අලෙවි සැලක් තුල ඊයේ(20) රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඡායාපිටපත් ලබා ගැනිමට අවශ්‍ය බව පවසමින් දුරකථන උපාංග අලෙවිසැල තුළට ගොස් මෙම වෙඩිතැබිම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය සිදුකළ මුලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මෙම වෙඩිතැබිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනිපිටිය මුණමල්පේ ප්‍රදේශයේ පදිංචි මින්දික අලූත්ගමගේ නැමති 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සිය මිතුරාගේ දුරකථන උපාංග අලෙවි සැලට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙම වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දුරකථන උපාංග අලෙවිසැලේ හිමිකරු ඉලක්ක කොට සිදු කළ වෙඩි තැබිමක් ඉලක්කය වැරදී මෙම තරුණයාට වැදී ඇති බවට පොලිසිය සැක කරනවා.

යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් අවස්ථා දෙකකදි මෙම වෙළදසැල තුළට පැමිණ ඇති අතර මුල් අවස්ථාවේදි පැමිණ ඡායාපිටපත් ලබා ගැනිමට අවශ්‍ය බවට පවසා ඇති බවත් ඡායාපිටපත් ලබාගැනිමට නොහැකි බවට පැවසිමෙන් අනතුරුව වෙළදසැලෙන් නික්ම ගොස් දෙවන අවස්ථාවේදි පැමිණ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 4ක් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සිදුකළ පරික්ෂණවලදී හඳුනාගෙන ඇත්තේ වෙඩි තැබිම සිදු කරනු ලබන අවස්ථාවේ වෙළදසැලේ හිමිකරු වෙළදසැල ඉදිරියේ සිට ඇති අත‍ර වෙඩි වැදි ජිවිතක්ෂයට පත් වූ තරුණයා හිමිකරුගේ පුටුවේ අසුන්ගෙන සිට ඇති බවයි.

වෙඩික්කරුවන් වෙළදසැලට ඇතුල්විම හා වෙඩි තබා පලා යන දර්ශන මෙම වෙළදසැලෙහි පිහිටි ගොඩනැගිල්ලේ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති අතර ඊයේ රාත්‍රී වෙඩි තැබිම සිදුවු ස්ථානයට පැමිණි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කොට වැඩිදුර පරික්ෂණ සදහා දේහය මාතර මහා රෝහලට යොමු කර තිබෙනවා.

වෙඩිතැබිම සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් යොදවා වැඩිදුර පරික්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top