'' මංජු ආපහු හුස්ම ගන්නේ නැත, මෙහෙම වෙඩි තියන්න, රටකට පොලිසියක් ඕනි ද ? නොමැරුණ අපිට හිතෙනවා.. '' (Video)
Sunday, 21 January 2024 - 12:36 | Views - 425
උප පොලිස් පරීක්ෂකයකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂාන්ත කුමාරසිරි ගැන සමාජ ජාලා හී තබා තිබූ සටහනකුයි මේ.

මංජුගේ නිසොල්මන් දේහය බලන්නට ගියෙමි. මංජු ආපහු හුස්ම ගන්නේ නැත.

සිය ගණන් සෙනඟ වැල නොකැඩී එන්නේ "හොඳ මනුස්සයෙකුට" වෙච්ච විපත නිසා ය. ඔහු වහල සාදා දුන් දුර බැහැර මිනිසුන් පවා ඇවිත් අදහාගත නොහැකි ලෙස පොලොවේ පස් කමින් වැලපුනේ මෙහෙම හදවතක් ආයෙ හොයාගන්නෙ කොහොමද කියල.

ඒ මිනිස්සු කිව්වෙ දවස් ගණන් උඹ ගෙවල් හදනකල් ඉබ්බො යතුරු නොදා ගියත් ගෙදර මනුස්සයො එනකල් අබ ඇටටක්වත් නැති නොවන වගය. වැඩේ ගැන මිසක් සල්ලි ගැන නොහිතපු මනුස්සයෙක් බවයි.

අසල්වැසියෙක් විදියට දන්නව ඒ කතා සියල්ල ඇත්ත බව. මංජු සිගරට්ටුවක් වත් බිව්ව මනුස්සයෙක් නෙවෙයි. මේ කිසිම වරදක් නොකළ වරදට මංජු විඳින අවසාන දඬුවම.
මංජුව සාහසිකව, අමානුෂිකව, කෲර ලෙස ඝාතනය කළ ඝාතකයා කොහේ හෝ හුස්ම ගනිමින් සිටිනවා ඇත. මංජු යළි හුස්ම නොගනු ඇත. මේ සිදුවීමේ පියවා ගත නොහැකි, සාධාරණය කළ නොහැකි තැන එතනය.

සිද්ධිය සියැසින් දුටුවෝ සිදුවීම ගැන කියද්දී ඝාතකයා තව දුරටත් මනුස්ස ප්‍රාණියකු යැයි සිතිය නොහැකිය. මංජු මියැදුන තැන සිටියේ මංජුගේ ළඟම හිතවතුන් ය. "මූ මැරිල ඇති නේද බං" ලෙස ඝාතකයා අහන්නේ මංජුගේම හිතවතුන්ගෙන් ය. වීඩියෝ දර්ශනවල ඇහුන මේ වචන ටිකෙන් වුව ඝාතකයා "මිනිසකු" විය නොහැකි බව උපකල්පනය කළ හැක.
අප දුක් වනු ඇත. ඝාතකයා මැරි මැරි ඉපදි ඉපදි හරි ජීවත් වනු ඇත. රජයෙන්, පොලිසියෙන් ඇවිත් ගෙදරට සැනසිලි තෑගි දෙනු ඇත. දේශපාලඥයෝ කට මැත දොඩනු ඇත. මාධ්‍ය කාරයෝ දින දෙක තුනක් කැමරා අටවා වමාරා කනු ඇත. එහෙත් මංජු යළි හුස්ම නොගනු ඇත.

මංජු උඹ යන තැන සිවිල් ඇඳුමෙන් ඇවිත් අනන්‍යතාව නොපෙන්වා කරුණු නොවිමසා කොළරයෙන් අල්ලා ඔළුවට වෙඩි තියන "මූ මැරිල ඇති නේදැයි" අහන අමුනුස්සයෝ නැත. එහෙදි උඹට බයක් නැතුව ගෙදර එන්න පුලුවන්.

සංසාර වෛරක්කාරයකු මිස උඹට වෙඩි තියන්න හතුරකු අප දන්නා තරමින් නැත. ඒ වෛරයද වෛරක්කාරයින් සංසිඳවාගත්තායින් පසු නැවත උඹට සංසාරේ වෙඩි වදින්න විදියක් නෑ. උඹ වෛර කරන මිනිහෙක් නෙවෙයි. වෙඩි තියපු මිනිහටත් අනිවාර්යයෙන් හිනාවෙන්න ඇති උඹ.

මෙහෙම වෙඩි තියන්න, රටකට පොලිසියක් ඕනි ද කියල විතරක් තාම නොමැරුණ අපිට හිතෙනව මංජු. ඉක්මනට සංසාරෙන් එතෙර වෙයං. මේක හරි බය හිතෙන තැනක් මංජු.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top