අස්වැසුම නොලැබුණු සැමට සුබ ආරංචියක්..
Friday, 19 January 2024 - 16:14 | Views - 1,142
අස්වැසුම වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස මුල් සතියේ සිදුකිරීමට නියමිතයි.
පසුගියදා අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 3ක් අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලැබුවා.
එහිදී නුසුදුසු බවට තීරණය වූ පවුල් සංඛ්‍යාව 5,000ක්.
ඒ අනුව, අස්වැසුම ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ඊයේ (18) රැස්වූ අවස්ථාවේ දී.
Share This Article