වෙනදා වගේ නෙමෙයි , සද්ද නැතුව නිසොල්මනේ ම , පුංචි දිස්න ගෙදර ඇවිත්.. (Video)
Friday, 19 January 2024 - 15:19 | Views - 565
කැලණි ගගේ දිය නෑමට ගොස් කිඹුලෙකුට ගොදුරුවූ දස හැවිරිදි දරුවාගේ දේහය කඩුවෙල - වැලිවිට ප්‍රදේශයේ නිවසට රැගෙන එනු ලැබුවා.

අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගනු ලැබුවේ අඹතලේ ජල පවිත්‍රගාරයට ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදි.

කඩුවෙල - වැලිවිට ප්‍රදේශයේ පදිංචි දිස්න ප්‍රබෝද් පෙරේරා නමැති 10 හැවිරිදි දරුවෙකු සිය මිත්තණිය කැලණි ගං ඉවුරේ රෙදි සෝදමින් සිටින අතර වාරයේ බාල සහෝදරයා සමඟ ඔහු කැලණි ගඟේ කඩුවෙල වැලිවිට ශාන්ත අන්තෝනි මාවත තොටුපලට දිය නෑම සඳහා ගඟට බැස තිබූ අවස්ථාවේ කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන ගොස් තිබුණේ පසුගිය 17 වැනිදායි.

ප්‍රදේශවාසීන් එක්ව පසුගියදා රාත්‍රියේ කැලණි ගං ඉවුර ආසන්නයේ කරන ලද සෝදිසි කිරීම්වලදි කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර සොයා ගැනීමට හැකි වුණා.

පසුව පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර ගොඩගැනීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ සිරුරේ ස්ථාන කිහිපයක කිඹුලාගේ දත් පහර කිහිපයක් පමණක් දක්නට ලැබුණු අතර කිසිදු කොටසක් කිඹුලා විසින් ආහාරයට ගෙන නොතිබු බවයි.

කැලණි ගඟට මුදා හැරෙන කසළ ආහාරයට ගැනීමට පැමිණෙන බැවින් කිඹුලන්ගේ ගහනයද වැඩි වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු ප්‍රකාශ කළේ විවිධ පිරිස් කැලණි ගඟේ වැලි ගොඩදැමීම හේතුවෙන් එය නැවැත්වීමට ගඟට කිඹුලන් දමා ඇති බවයි.

කැලණි ගඟ දෙපස දිය නෑම සඳහා තොටුපල රැසක් ඇතත්, එම තොටුපල ආශ්‍රිතව කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා නැහැ.

කඩුවෙල - වැලිවිට ශාන්ත අන්තෝ මාවතේ පිහිටි දිස්නගේ නිවසට ඊයේ රාත්‍රී දේහය රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට වැලිවිට රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top