නිතරම charge කරන එක වදයක් වෙලාද ? එහෙනම් , මෙන්න විසඳුම
Friday, 19 January 2024 - 14:51 | Views - 542
charge කිරීමකින් තොරව වසර 50ක් විදුලිය නිපදවිය හැකි නව බැටරියක් චීනයේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය Betavolt විසින් නිපදවන ලද න්‍යෂ්ටික බැටරියක් බවයි.

"Betavolt පරමාණුක බලශක්ති බැටරිවලට අභ්‍යවකාශය, AI උපකරණ, වෛද්‍ය උපකරණ, මයික්‍රොප්‍රොසෙසර්, උසස් සංවේදක, කුඩා ඩ්‍රෝන සහ micro රොබෝ වැනි විවිධ අවස්ථාවලදී දිගුකාලීන බල සැපයුමේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව පවතිනවා.

මෙම නව බලශක්ති නවෝත්පාදනය AI තාක්‍ෂණික විප්ලවයේ නව ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට චීනයට උපකාරී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

න්‍යෂ්ටික බැටරිය දැනට වෝල්ට් 3කදී මයික්‍රොවොට් 100ක බලයක් ජනනය කරයි. කෙසේ වෙතත්, මෙහි ඉලක්කය වන්නේ 2025 වන විට වොට් 1ක බලයක් ලබා ගැනීමයි.

Betavolt පැවසුවේ විකිරණ මගින් මිනිස් සිරුරට කිසිදු අනතුරක් සිදු නොවන අතර එය pacemakers වැනි වෛද්‍ය උපකරණවල භාවිතා කළ හැකි බවයි.

මෙම බැටරි පරිසර හිතකාමී වන අතර දිරාපත්වීමේ කාලයෙන් පසු, සමස්ථානික 63 තඹවල ස්ථායී සමස්ථානිකයක් බවට පත් වන බවද එය විකිරණශීලී නොවන අතර පරිසරයට කිසිදු තර්ජනයක් හෝ දූෂණයක් ඇති නොකරන බවයි වාර්තා වී ඇත්තේ.

සමාගම විසින් පරීක්ෂණ අවසන් කර අවශ්‍ය සියලුම නිෂ්කාශන ලබා ගැනීමෙන් පසු බැටරියේ මහා පරිමාණ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.

No description available.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top