ණය වාරිකය ගෙවා ගත නොහැකිව, පුද්ගලයෙකු දිවියට තිත තියලා..
Friday, 19 January 2024 - 14:32 | Views - 350
දඹුල්ල, මාගන්දන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය වාරිකය ගෙවා ගත නොහැකිව ගෙවත්තේ ගසක එල්ලි ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔහු පෞද්ගලික මුල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ණයට ලබා ගෙන ඇති අතර, මාසික වශයෙන් රුපියල් 34,000ක මුදලක් දීමට පොරොන්දු වී ඇති බවත් එය ගෙවා ගත නොහැකිව ඔහු සිත් තැවුලට පත් වී ඇති බවයි.
ඔහුට මෙම ණය මුදල ගෙවා ගත නොහැකි වී ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීමෙන් එම මුල්‍ය ආයතනය හා ණය ඇපකරුවන් නිතර ණය මුදල ගෙවන ලෙස ඔහුට කරදර කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 36ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
Share This Article