අවලෝකිතේෂ්වර - අංගොඩ ට.. (Video)
Friday, 19 January 2024 - 11:16 | Views - 606
පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයා ගැන මේ වෙද්දී සමාජයේ විවිධ කතා ඇහෙනවා..
මේ කියන්න යන්නේ, ඔහු ගැන අසන්නට ලැබෙන අලුත්ම ආරංචියයි.. අවලෝකිතේශ්වර නොහොත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා...
මේ සඳහා ඊයේ ඔහුව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර නවක රැඳවූවන් රඳවා සිටින 'එන්' වාට්ටුවේ සැකකරු රඳවා සිටින බවයි වාර්තා වන්නේ...
මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ, මෙම පුද්ගලයා සිරගත වූ දිනයේ සිට මේ වන තෙක් ඔහුව හමුවීමට කිසිදු අමුත්තකු බන්ධනාගාරයට පැමිණ නැති බවයි...
මෙම සැකකරු බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර ද ගෙන රැඳවූවන් සමඟ සාමාන්‍ය පරිදි කල් ගෙවන බව ද එම නිලධාරීයා වැඩිදුරටත් පවසා තිබෙනවා...
Share This Article