මාර්ග නීති කැඩුවොත්, අලුත්ම තාලෙන් එන දඩය
Thursday, 18 January 2024 - 12:05 | Views - 588
රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය කිරීම සම්බන්ධව ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව වැරදිකරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
ඒ අනුව, මෙම ක්‍රියාවලිය ලබන සඳුදා (22) සිට ක්‍රියාත්මක කරන බවයි සඳහන්.
එහිදී රථවාහන වැරදිකරුවන් හසුවීමෙන් අනතුරුව දඩ පත්‍රිකා, වාහන අංකයේ ලියාපදිංචි හිමිකරුට , ඔහුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ලැබෙන පරිදි යැවීමට නියමිතයි.
එසේම, මාධ්‍යය හමුවට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වූ බවයි.
Share This Article