ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් වසර 66ක ඉතිහාසය තුල ප්‍රථම වරට විදේශ සංචාරකයින් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයින් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි විශේෂ බස්රථ සේවාවක් සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා යොදා ගැනීමට නියමිත බස් රථ කිහිපයක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිරීක්ෂණයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරෙකු , කොන්දොස්තරවරයෙක් හා සේවා සපයන්නෙක් යොදා ගෙන ඇති බවද සඳහන්.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වෙනවා.
ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.