මාරක කිඹුලාගේ ගොදුරක් වූ දිස්නගේ මිත්තනිය හඬා වැටෙමින් කියපු කතාව.. (Video)
Wednesday, 17 January 2024 - 14:43 | Views - 504

මේ පුංචි පුතා එදා අත්තම්මා එක්ක ඒ ගං ඉවුරට යන්න ඇත්තේ ගොඩක් සතුටෙන්..
හිතේ හැටියට දුව පැන නටන්න අවස්ථාවක් ලැබෙන එකම මේ පුංචි පුතාට ලොකු සතුටක් වෙන්න ඇති..
සුපුරුදු විදිහට එදාත් දිස්නගේ අත්තම්මා තොටුපොළ අයිනේ රෙදි සෝදන විට මේ පුංචි පුතා ගොඩක් සතුටෙන් දිය නාන්න ගඟට ගිහින්.. ඒත් සිද්ධ වුණේ කවුරුත් නොහිතන, නොපතන දෙයක්..
මිත්තණිය රෙදි සෝදන අතරතුර දරු දෙදෙනා ඇය ආසන්නයෙන්ම ගඟට බැස දිය නාමින් සිට ඇති අතර එක්වරම කිඹුලෙකු පැමිණ දිස්න ප්‍රබෝද් පෙරේරා ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ..
කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න ප්‍රබෝද් පෙරේරා, කඩුවෙල වැලවිට ශාන්ත මරියා විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා..
දරුවා කට මැද සිර කරගත් කිඹුලා කිහිප වරක් ගඟේ ඉහළ පහළ යන ආකාරය එහි ගිය පොලිස් නිලධාරීන්ද දැක තිබෙනවා...
අනතුරුව පොලිස් නාවික කොට්ඨාසය දරුවා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළද කිසිදු හෝඩුවාවක් මෙතෙක් හමු වී නැහැ...
මියගිය දිස්නගේ බාල සහෝදරයාගේ උපන්දිනය ඊයේ රාත්‍රී සැමරීම සඳහා සූදානම් කර තිබියදී මිත්තණිය මෙලෙස ඔවුන් දෙදෙනා සමග මෙම තොටුපළට පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කළා...
Share This Article