විදෙස් රැකියාවකට යන්න සුදානම් වෙන ඔබට මෙන්න විශේෂ දැනුම්දීම..
Wednesday, 17 January 2024 - 10:57 | Views - 293
විදේශ රැකියාවක් සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට තම ගමන් බලපත්රය හෝ මුදල් ලබාදිමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන්ගේ බලපත්රය සහ පවතින රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 1989 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.
එසේම, විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය කාලය තුළ විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධින් රැසක් වාර්තා වූ පසුබිමකයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙලෙස සඳහන් කර සිටින්නේ.
Share This Article