ඩෙංගු මාරයා අකාලයේ රැගෙන ගිය , සරසවි දියණිය.. (Video)
Wednesday, 17 January 2024 - 10:41 | Views - 667

ඩෙංගු රෝගය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 23 ක් වයසැති විශ්වවිද්‍යාල සිසුවියක් මියගොස් තිබෙනවා.
මෙලෙස ඊයේ(17) මරණයට පත් වී ඇත්තේ, පෝරුව දණ්ඩ, මාපුටුගල, මානෙල් උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණියක්.
ඉකුත් 05 වනදා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු ඇය 11 වනදා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබුණා.
ඒ වනවිට ඇය සිහිසුන්ව සිට ඇති බවටයි දෙමාපියන් ප්‍රකාශ කළේ.
එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමු කර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කර තිබුණා.
කෙසේ වෙතත්, එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ අලුයම මිය ගොස් තිබෙනවා.
තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වහනය වීම සමඟම ඇති වූ සංකුලතා මත සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වී තිබෙනවා.
මේ අතර, කොත්තුවක් ආහාරයට ගෙන නින්දට යෑමෙන් පසු කාන්තාවක් මියයෑමේ පුවතක් හොරණ - වල්පිට - පින්නකොළහේන ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි තිදරු මවක්. ඇය කලක පටන් අධි රුධිර පීඩනයට සහ දියවැඩියාවට ප්‍රතිකාර ලබමින් සිටි බවටයි වාර්තා වුණේ.
කෙසේ වෙතත්, ඇය මියයාමට හේතුව මෙම ආහාරයද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.
Share This Article