කැලැන්ඩරේ කතන්දරේ...
Wednesday, 17 January 2024 - 9:20 | Views - 849

අපට උපන් දිනයක් තිබෙන්නේ දින දසුනක් තිබෙන නිසයි. වසරක් ගෙවී වසරක් උදාවන බව දන්නේ ද මේ අංක මිතුරාගේ පිහිටෙනි. නව වසරේදී අප නිවෙසට පැමිණෙන අංක මිතුරාවන දින දසුනට ඇත්තේ දිගු ඉතිහාසයකි. එසේම එය දින දසුනේ ඡායාරූප තරමටම වර්ණවත් ය.
ලෝකයේ ඉපැරැණිම දින දසුනට වසර 10,000නකටත් වඩා පැරැණි ඉතිහාසයක් තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව ලොව ඉපැරැණිම දින දසුන හමුවී ඇත්තේ ස්කොට්ලන්තයෙනි. ඊට පෙර ලොව පැරැණිම දින දසුන ලෙස වාර්තා වී තිබුණේ වසර පන්දහසක් පැරැණි මෙසෙපොටේමියානු දින දසුනයි.
ස්කොට්ලන්තයේ ක්රැතස් මාලිගය අසළ වෙරන් භූමියේ තිබූ මෙසොලිතික් ඵලකය පැරැණිම දින දසුන මීට වසර 10,000කට පෙර දඩයක්කරුවන් විසින් නිර්මාණය කර ඇත. බර්මිංහැම් සරසවියේ විද්‍යාඥයෝ මේ පිළිබඳ පර්යේෂණ පවත්වති.
තවමත් භාවිතවන ලොව පැරැණිම දින දසුන ජුවිෂ් දින දසුනය. ක්‍රි. පු. 9 වැනි සියවසේ සිට එම දන දසුන ජනප්‍රියය.චන්ද්‍රසූර්ය ක්‍රමයට, සූර්ය, චන්ද්‍ර ක්‍රමයට වශයෙන් තෙආකාරයකට දින දසුන් වර්ගීකරණයවී තිබේ. ප්‍රාථමික දින දසුන් බොහොමයක්ම චන්ද්‍ර සූර්ය ගණයට අයත්ය. ඉස්ලාම් සහ බෞද්ධ ආගම්කයන්ගේ දින දසුන් සඳ මුල්කගෛන නිමවී තිබේ.
නූතන දින දසුන්වලට සූර්යයා මූලිකකර ගෙන ඇත. ඒවාට පාදක වී ඇත්තේ ජූලියන් ජෝර්ජියානු දින දසුන්ය. දින දසුන කෙසේ, කවදා , හිරු, සඳු පාදක කර ගෙන නිමවුණත් අද එ ලොවටම නැතිවම බැරිය. එනිසාම ගිනස් පොතට ගිය දින දසුන් රැසකි.
අමෙරිකාවේ පදිංචි යාකොව් කොෆ්මන් සතුව දින දසුන් 16,552ක් ඇත. 1945 වසරේ සට 2008 ඔක්තෝබර් 26 දක්වා ඔහු මෙපමණ දින දසුන් සංඛ්‍යාවක් එකතුකර ගෙන තිබේ. ඒවා සාක්කු දින දර්ශනය. ඉන් බොහොමයක්ම ඔහුගේ මවු රට වන රුසියාවට අයත්ය.
ලොව විශාලම බිත්ති දින දර්ශනය ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවේය. එය අඩි 40 (මීටර් 12.19) x අඩි12. (මීටර් 35.58) විශාලය. මන්මෝහන් අගර්වාල් සහ අනූජ් කුඩල් එහි නිර්මාතෘවරුන්ය. 2009 දෙසැම්බර් 26 වැනි දින ලොව විශාලම දින දසුන ලෙස එය ගිනස් පොතට ඇතුළත්වූ අතර දින දසුනේ බර රාත්තල් 254.48 (කි. ග්රෑ.115.43)කි.
වැඩිම මිලකට වෙන්දේසි වුණු බිත්ති දින දසුන ඇල්ස් සහ විශ්මලන්තයේ චරිතවල ඇඳුම් නිර්මාණ ඇතුළත් වූවකි. එය නම හෙළි නොකළ අයකු විසින් 2011 ජූලි 3 වැනිදා ප වුම් 36,000කට (ඇමෙරිකානු ඩොලර් 57,848කට) අලෙවි කර තිබේ.
ජුලයස් සීසර් විසින් හඳුන්වා දෙන ලද ජුලියන් දින දසුනට පසු කතොලික පල්ලිය විසින් හඳුන්වා දෙනු ලැබූ ග්‍රෙගරියානු කැලැන්ඩරය අද බොහෝ රටවල භාවිත කරයි. එහෙත් ඇතැම් රටවල අධික අවුරුද්ද වෙනස් ය.
තාරකා විද්‍යාව කෙතරම් දියුණු වුවත් තවමත් සියයට සියයක් නිවැරැදි දින දසුනක් ලොව නිමවී නැත. ග්‍රෙගරියානු දින දසුනේද තත්පර 27ක දොෂයක් වසරකට ඇත. ජුලියන් දින දසුනේ එය විනාඩි 7ක දෝෂයකි.
( උපුටාගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article